ජනාධිපතිවරණය පෙනෙන මානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිරගෙට..?

නිල් චිත්‍රපට නිළියකට සිදුකළ මුදල් ගෙවීමක් වසන් කිරීමට ව්‍යාජ ව්‍යාපරික ලිපි ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කිරීමට සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ජුරි සභාව පසුගිය මැයි (30) වනදා තීන්දු කළා.

ඒ නිව්යෝක්හිදී සති 06ක කාලයක් පැවති Hush money trial නඩු විභාගයේ තීන්දුව ප්රකාශයට පත් කරමින්.

වසර 237ක අමෙරිකානු ජනාධිපති ධූර ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකු හෝ ධූරයේ රැදී සිටින ජනාධිපතිවරයෙකු අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම මැතිවරණ කාලවකවානුවකදී අපරාධයකට වරදකරුවෙකු වූ පළමු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා ලෙසද ට්‍රම්ප් ඉතිහාසයට එක්වෙනවා.

නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණි ඩොනල්ඩ් ට්රම්ප්

නිල් චිත්රපට නිළි ස්ටෝමි ඩැනියල් සහ ඩොනල්ඩ් ට්රම්ප්

තමන් සමග පැවති සබඳතාවක් රහසිගතව තබාගන්නා ලෙස නිල් චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියල්ට 2016 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් 130,000ක මුදලක් ගෙවීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

එලෙස මුදල් ලබාදීම නෛතිකව වරදක් නොවුවත් එය ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස හුවා දක්වමින් ව්‍යාජ ව්‍යාපාර ලේඛන සැකසීම අමරිකානු නීතියට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සැලකෙනවා.

ඒ අනුව ඊට අදාළ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයේ සති 7ක කාලයක් ජුරි සභාවක් ඉදිරියේ පැවති නඩු විභාගයෙන් පසු චෝදනා 34 සමබන්ධයෙන්ම හිටපු ජනපතිවරයා මෙලෙස වරදකරු කර තිබෙනවා.

ජුරි සභිකයන් 12 දෙනා ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත්තේ සාක්ෂිකරුවන් 22 නෙකුගෙන් සිදුකළ සාක්ෂි විමසා බැලීමකින් පසුවයි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ට ලබාදෙන දඬුවම් ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන ජුලි 11 වනදායි.

ඒ ඉදිරි අමෙරිකා ජනාධිපතිවරණයේ නිල රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නම් කිරීමට දින 4කට පෙරයි.

මෙවැනි චෝදනාවකට උපරිම දඬුවම ලෙස වසර 4ක සිරදඬුවමක් නියම කළ හැකි වුවද, හිටපු ජනපති ට්‍රම්ප්ට දඩයක් පමණක් නියම වනු ඇතැයි අමෙරිකානු නීති විශාරදයින් මත පළ කරනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.