17.5.2024
2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්වී සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614යි ග්‍රෑම් 36ක් සහ මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකරන ලද රස පරික්ෂක වාර්තාව තුළින් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් අදාළ පාර්සල්වල අඩංගු බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තාන ජාතිකයින් වරද පිළිගත්තා.
ඒ අනුව දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානය වෙත පිටුවහල් කිරීමට නියෝග කළා.