3.6.2024
පසුගිය වසරේ නොවැම්බර් මස 06 වනදා සැකකරු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ඇමතුමක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් මත්පැන් සාදයක් පවත්වන බවයි..
එම තොරතුර මත හැටන් සහකාර පොලිස් අධිකාරීවරයා ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ගොස් හදිසි පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදී අදාළ තොරතුර ව්‍යාජ තොරතුරක් බව අනාවරණය වී තිබුණා.
ඒ අනුව සැකකාර ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදි සැකකරු වරද පිළිගෙන තිබෙනවා.
අධිකරණය විසින් සැකකරුට වැඩිදුරටත් නියෝග කර සිටියේ විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරියා වෙත රුපියල් 10,000ක මුදලක් ද ගෙවන ලෙසයි.