ජෙෆ්රි ඇලෝසියස්ට රට යන්න අවසර...

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (13)  නියෝග කළා.

ඒ අදාළ නඩුවේ 06 වන විත්තිකරු වන ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන්ට සිංගප්පුරුවට යෑම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ජූලි මස 1 වන දින සිට සැප්තැම්බර් මස 12 දක්වා කාලය තුළ විත්තිකාර ජෙෆ්රි ඇලෝසියස් යන අයට විදෙස්ගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබාදුන්නා.

අදාළ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන ලෙසද අධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කැඳවනු ලැබුවේ අමල් පෙරේරා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.