ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇති ආන්දෝලනාත්මක ජයිකා අරමුදල් භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පසුගියදා පැවති Bar Council රැස්වීමේදි තීරණය කර තිබෙනවා.
අදාළ කමිටුවේ සමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥ කේ කනගීෂ්වරන්, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුයි.
සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විනිවිධභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකර Bar Councilයට වාර්තා කිරීම සඳහා එම කමිටුවට මාස 02ක කාලයක් ලබා දී තිබෙනවා.