8.5.2024
අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
අදාළ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේ මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියෝග කළා.
ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.