26.6.2024
නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ අදාළ යෝජනාව පිළිබඳ සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අද (26) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ කෝට්ටේ පිහිටි නිවසේදී රැස්වූ අවස්ථාවේදියි.
එහිදී සේවා දිගුවක් ලබාදීමේ යෝජනාවට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පසුගිය 18 වනදාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්වී තිබු අතර එහිදීද ඡන්ද 3:5ක් ලෙස එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණා.