නීතිපති සේවා දිගුව පිළිබඳ ජනපතිගේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි...

නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදි වැඩි ඡන්දයෙන් පරාජය වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) රැස්වූ අවස්ථාවේදි එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකළ බවයි වාර්තා වන්නේ.

එහිදි අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද පහක් ලැබී ඇති අතර යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පමණයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.