14.6.2024
නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ අවසන් නඩු වාරයෙන් පසු මේ දක්වා සිදුකළ විමර්ශන පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කරුණු දැක්වුවා.
"ස්වාමිනි, දැනට සිදුකළ විමර්ශනවලදි හෙළිවෙලා තියෙනවා, මෙම ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට සති කිහිපයකට පෙර එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ මෙම නඩුවේ 12 වන සැකකරු වන විජිත් ගුණසේකර පෞද්ගලිකව මෙම කර්මාන්ත ශාලාවේ ස්ථානීය පරීක්ෂණයක් කර ඇති බව. එමෙන්ම අපි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු සඳහන් කළේ ඔහු රාජකාරි කටයුතුවලදි නිල මුද්‍රා 2ක් පමණක් භාවිත කළ බව. එහෙත් ඔහු මුද්‍රා 12ක් භාවිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. "
මෙහිදි පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කළා.
" ස්වාමිනි නාසා එකෙත් ලංකාවේ විද්‍යාඥයෝ ඉන්නවා. ඔවුන් යම් සොයාගැනීමක් කළොත් විශිෂ්ටයි. නමුත් විද්‍යාඥයෙක් වන මගේ සේවාදායකයා ඖෂධයක් නිෂ්පාදනය කළ පමණින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව දැන හිටියා මොහු මේ ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කරන බව. දැනටම මගේ සේවාදායකයා මාස 07ක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ. එබැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා මොහුට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා "
කෙසේ වෙතත් එම ඇප ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය ප්‍රතිචාර මෙසේ ප්‍රතිචාර දැක්වුවා.
"සැකකරුවන් මාස 07ක් රිමාන්ඩ් භාරයේ සිටියත් ඇප ලබාදීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් විය යුතුයි. මාල කඩපු සාමාන්‍ය නඩුවක් නෙමෙයි මේක. එබැවින් අධිකරණය ඉතා විනිවිඳභාවයෙන් දෙපාර්ශ්වයේම කරුණුවලට අවධානය නිකුත් කරලයි තීන්දු තීරණ ගන්නේ."
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනා ජුනි මස 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.