29.4.2024
මීට වසර 22කට පෙර කොළඹ, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (29) මරණ දණ්ඩනය නියම කළා.
2002 අගෝස්තු 08 වන දා " සින්නයියා නඩේෂන් " නැමැත්තා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණා.
ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස මරණ දණ්ඩනය නියම කළා.
කෙසේ වෙතත් එම නඩුවේ එම නඩුවේ 02 සහ 04 විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කළා.
#SL #SLNews #CourtNews #ColomboHighCourt #DeathSentence #CapitalPunishment #Aluthkade