10.5.2024
තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
ඒ අදාළ පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.
එහිදි ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුම්දීමට දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙසත් නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙස නියෝග කළා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක්.