16 හැවිරිදි දැරිය සමූහ දූෂණයට ලක්කිරීමේ සැකකරුවන් රිමාන්ඩ්

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්රාත් පද්මසිරි ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

හංවැල්ල පොලීසිය විසින් අදාළ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතර යටතේයි.  

හංවැල්ල, ජල්තර ප්රදේශයේදී 16 හැවිරිදි දැරියක් සමුහ දූෂණයට ලක්කිරීමේ සිද්ධිය වාර්තා වූයේ ඉකුත් 21 වනදායි.

කොස්ගම ප්‍රදේශයේ පදිංචි ඇය පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබු අතර පසුව පොත් කඩයකට යන බව සිය පුංචි අම්මාට පවසා මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන තම පෙම්වතා හමුවීමට ගොස් තිබුණා.

එහිදි ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතා දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්රදේශයෙන් බස්වා ගොස් තිබෙනවා.

ඒ අතරතුර පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට කතා කර සිය පෙම්වතිය සමග කතාකර අවශ්‍ය තැනකට රැගෙන යන ලෙසට පවසා ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.  

ඒ අනුව, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හංවැල්ල ආටිගල ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ අදාළ දැරිය සමග කතා කර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් ඇය සමග ලිංගිකව එක්ව තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකු ද පැමිණ දැරියව දූෂණයට ලක්කර ඇති බවයි.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.