7.6.2024
ඒ අනුව අදාළ ඉල්ලීම සලකාබැලීම සඳහා එම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නිවේදනය කළා.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 25 වනදා විභාගයට ගැනීමට නියමිතයි.