2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද (28) කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.
එලෙස සිරදඬුවම් නියම කළේ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්.
එහිදි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයේ ඇතුලත් වූ චෝදනා 18කට ඇයව වරදකරු කරනු ලැබුවා.
ඒ අනුව වරදකරු කෙරුණු අධිචෝදනා 18ට අදාළව වෙන් වෙන් වශයෙන් රුපියල් 20,000 බැගින් දඩ මුදලක් ගෙවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.