25.6.2024
සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (25) මෙම නියෝගය නිකුත් කළේ ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ගොනුකර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.
මෙහිදි විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවටද ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා.
එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර වසරක සිරදඬුවමක්ද නියම කරන බවයි අධිකරණ තීන්දුවේ සඳහන් වුණේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණා.
ඒ විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව පවසමින්.