7.6.2024
සිය පෙත්සම තුළින් පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, ඉකුත් අප්‍රේල් මස 02 වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ බවයි.
එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වගඋත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළෙඳසැල් ජාල සඳහා අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටිනවා.
ඒ අනුව වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කිරීම තුළ අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසයි පෙත්සම්කරු සිය පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ.