7.6.2024
කොළඹ නීතිඥ සංගමයේ මාසික කමිටු රුස්වීම ඉකුත් මැයි 30 වනදා පැවැත්වී ඇති අතර එහිදි මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කරන ලද කමිටුව සිය වාර් තාව ලබාදෙන තුරු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, උප සභාපතිවරයා, ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා එම ධූරයන්ගේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවිය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම නිවේදනයක් නිකුත් කරන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ නීතිඥ සංගමය පවසන්නේ චෝදනාවට ලක්ව සිටින නිලධාරින් එළඹෙන 10 වනදාට ප්‍රථම සිය ධූරවලින් තාවකාලිකව ඉවත් නොවන්නේ නම් එළඹෙන 11 වනදා කොළඹ ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බවයි.
එසේම කඩුවෙල නීතිඥ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ ප්‍රශ්නගත ජයිකා අරමුදල භාවිතය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීති විරෝධීව කටයුතු කර ඇති පුද්ගලයන්ට එරෙහිව විධිමත් විනයානුකූල පියවර ගන්නා ලෙසයි.