25.6.2024
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා විසින් සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි ඉදිරිපත් කරන ලද එම විවේචනයන් අසත්‍යයෙන් සත්‍යය වෙන් කර නොගෙන, දේශපාලනමය වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කර ඇති නඩුකරයන්වලදී අදාළ අධිකරණයන් විසින් නීතියට අනුකූලව නිකුත් කරන ලද තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මත සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවයි.
එමෙන්ම පවත්නා නඩුවකට බලපෑම් වන පරිදි අදහස් ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 91(ඊ) වගන්තිය මගින් වළක්වා තිබියදිත්, එය නොසලකා සිදුකරන ලද අදාළ ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරීමක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.
මෙම විවේචන අපක්ෂපාතී විනිශ්චකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක් කොටස් වශයෙන් දිගහැරෙමින් ඇති බවද අධිකරණ සේවා සංගමය අවධාරණය කරනවා.
අධිකරණ පද්ධතියට එල්ල වන බාහිර බලපෑම් වළක්වා එහි යහපත්ම උදෙසා වැදගත් තීරණයන් ගනු ලැබූ විනිශ්චකාරවරුන් ස්ථාන මාරුවී ගිය පසු, ඔවුන්ට පෞද්ගලිකව අපකීර්තියක් ඇතිවන මතවාද නිර්මාණය කිරීම තුළ විනිශ්චකාරවරුන් අපක්ෂපාතීව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීම වළක්වා බාහිර පාර්ශවයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි දුර්වල තත්ත්වයකට පත් කිරීම අරමුණ වී ඇති බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය නිවේදනය පහතින්.