6.5.2024
අද දිනයේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේදි රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ උපදෙස් මත කරුණු දැක්වූ රජයේ නීතීඥ අසේල විජේසිංහ මහතා, මෙම නඩුවේ පළමු සැකකරු විසින් සපයන ලද දැනට නියමිත උෂ්ණත්වය යටතේ ගබඩා කර තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් එන්නත් මාත්‍රා, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ප්‍රතීතකරණය වූ රසායනාගාරයක පරීක්ෂාවට යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ අදාළ පරීක්ෂාව සිදුකරන ලෙසයි.