28.6.2024
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා ඇති අවස්ථාවක එම කරුණුම සම්බන්ධයෙන් පහළ අධිකරණයකට පෙත්සමක් ගොනු කිරීම අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කිරීමක් බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි 03 වනදා මෙම පෙත්සම්කරුව මුල්වරට රක්ෂිත බන්ධනාගාරගත ගත කර ඇති බවත්, අනතුරුව මාර්තු 14 වැනිදා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත ගත කිරීමට නියෝග කර ඇති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග සියල්ල අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම්කරු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් මෙම රිට් පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවයි.
එහිදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රශ්න කර සිටියේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලැබී නොමැති අවස්ථාවක රිමාන්ඩ් නියෝගය රිට් පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ නොහැකි ද යන්නයි.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එවැනි ඉල්ලීමක් අභියාචනාධිකරණය හමුව සිදුකිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි.
පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජූලි 01 වනදා සිදුකිරීමට නියමිතයි.