4.6.2024
එහි වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයාවයි.
සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී.වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තාවන්නේ.
පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.
ඒ හරහා පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවටත් පෙත්සම්කරුවන් චෝදනා කර සිටිනවා.
එබැවින් යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සමේ සඳහන්.
එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර අදාල පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක්ද පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා.