වසරකට පසු නටාෂා සහ බෲනෝ නිදොස් කොට නිදහස්...

බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පවරා තිබු නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

නටාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව මෙලෙස නඩු පවරා තිබුණේ 2023 අප්‍රේල් 21 වනදා පැවති " මෝඩාභිමානය " නැමැති වැඩසටහනකදී බුදු දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ කළ බවට සහ එම ප්‍රකාශ ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් අදාළ නඩුවට අදාළව මීට පෙර බෲනෝ දිවාකරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද, නටාෂා එදිරිසූරියට කොළඹ මහාධිකරණයෙන්ද ඇප නියම වී තිබුණා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.