27.6.2024
ඉස්සන් ගොවිපොළක් ආරම්භ කිරීමට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය ඉකුත් මැයි 06 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය හේතූවෙන් විශාල පරිසර හානියක් වන බව පෙන්වා දෙමින් වනජීවී ආරක්ෂණ සංගමය සහ පාරිසරික පදනම මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක්.
සිය පෙත්සම තුළින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නෙව් අමාත්‍යවරිය විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය තුළ රක්ෂිතයේ විශාල වන විනාශයක් මෙන්ම පරිසර පද්ධතියටද විශාල වශයෙන් හානි සිදුවන බවයි.
එබැවින් පෙත්සම් විභාග ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, නඩු විභාගය අවසන් වනතුරු අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගය නිකුත් කරන් ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව පෙත්සම්කරු වෙනුවෙන් සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම නොවැම්බර් 12 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළා.
පෙත්සම්කාර සංවිධාන වෙනුවෙන් නීතිඥවරුන් වන නිරුෂාන් සිරිමාන්න, දේශානි ගුණතිලක සහ රුක්ෂාන් සේනාධිර සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රජිව් ගුණරත්න මහතායි.