ටිරාන් අලස්ව ඇමතිකමෙන් ඉවත් කරන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

"අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන ගිනි අවිය හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා "

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ ප්‍රකාශය කර තිබුණේ පසුගිය අප්‍රේල් 25 වනදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ පැවති ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩයන් විසිරයාමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම ප්‍රකාශය තරයේ හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ( BASL ) මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පවසන්නේ අමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරගෙන ඇති බවයි.

අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශයක් කර තිබුණා.

#SL #SLNews #BASL #KaushalyaNawarathne #TiranAlles #Aluthkade

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.