බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරුට දැඩි දඬුවම්...

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට අද (11) කොළඹ මහාධිකරණය බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවමක් නියම කළා.

සිය නිවස අසල කුලී නිවසක විසූ එවකට අපොස සා/පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි එම දැරියව දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණේ මේ වනවිට  35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයයෙකුටයි.

මෙහිදී චුදිතයාට රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා අගතියට පත් තරුණියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.

එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගන්නා ලෙසත් එයද නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසර දෙකක සිර දඬුවම් ලබාදෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වුණා.‍

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.