19.6.2024
ඒ එම උද්ඝෝෂණවලදී තමන්ම අත්අඩංගුවට ගැනීමට එරෙහිව අරගලකරුවන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (18) විභාගයට ගත් අවස්ථාවේදීයි.
අදාළ පෙත්සම විජිත් මලල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කළා.
එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළව බුද්ධි අංශවලට තොරතුරු ලැබූ තිබුණේ දැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ, එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.
2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවලදී තමන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.