1.7.2024
ඒ අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදියි.
2015 ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිල දී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළේ චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.